භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.







               


සො භගවා ගොතමො  ඉතිපි සම්මා සම්බුද්ධො
සම්මා සම්බුද්ධො වත සො ගොතමො භගවා
තං සම්මා සම්බුද්ධං ගොතමං භගවන්තං සරණං ගච්ඡාමි
තං සම්මා සම්බුද්ධං ගොතමං භගවන්තං සිරසා නමාමි !!!



බුදුගුණ වන්දනාව
(පූජ්‍ය පානදුරේ අරියධම්මස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද්දකි)

Powered by දහම් විල

සම්බුදු පරිනිර්වාණය*



ඇදහිල්ලෙන් තොරවූ එකම ආගම සහ යතාර්ථවාදී දර්ශනයක් මත පදනම් වූ එකම දහම වන්නේ බෞද්ධ ආගම පමණකි. නමුත් එම දහම ද අද නිර්මලව පවතින්නේ රටවල් තුනක පමණි. එනම් තායිලන්තය, බුරැමය හෙවත් මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුනේ පමණය. මෙයින් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනයාගෙන් නියම ආකාරයෙන් එම ධර්මය අවබෝධ කරගන්නට තරම් වාසනාව ඇත්තේ අතලොසකට පමණක් වීම අභාග්‍යයකි. අබෞද්ධයන් මෙන්ම උපතින් බෞද්ධ වන බොහෝ දෙනෙක් එහි නියම අරැත වටහා ගන්නට හෝ එහි නියම ඵලය ලබන්නට තරම් වාසනාවක් හෝ උනන්දුවක් නොමැති වීම මෙයට හේතුවයි. බෞද්ධ දර්ශනය නුවන ඇති බුද්ධිමත් පුද්ගලයන්ට විනා ඇදහිල්ලට මුලා වූ අන්ධ භක්තිකයන් උදෙසා නොවේ. එවැන්නෝ බොරැවෙන් රැවටී තවදුරටත් මේ සසරේ දුක්විඳීමට මඟ සාදාගනී. මේ නිසා කෙනෙකු සිහි නුවනින් සිතා ආර්ය අශ්ඨාගික මාර්ගය විවර කරගන්නේ ද හේ නියම බෞද්ධයකු ලබන්නාවූ අමා මහ නිවනට පත්වන්නේ ය.

.