භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදු ගුණ භාවනාව 1

අරහං ගුණ භාවනාවේ පූර්ව කෘත්තිය ‍


පටිලෝම
සෝ භගවා ඉතිපී භගවා
සෝ භගවා ඉතිපී බුද්ධෝ
සෝ භගවා ඉතිපි සත්ථා දේව මනුස්සානං
සො භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරථි
සෝ භගවා ඉතිපි ලෝකවිදූ
සෝ භගවා ඉතිපී සුගතෝ
සෝ භගවා ඉතිපී විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී අරහං
බුදුගුණ භාවනාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තේ පුරිසාජඤ්ඤ
නමෝ තේ පුරිසුත්තම
නමො තේ පුරිසාකුල්‍ය
නමෝ තේ පුරිසාසභ
ආජඤ්ඤ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
උත්තර පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
අසම පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ශ්‍රේෂ්ඨ පුරිස වූ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සාධු ! සාධු! සාධු!
බුදුගුණ වැඩීමේ අනුසස් බිඳක්
1.සතර අපායට පත් නොවීම
2. පිට ලෝකයක නූපදීම
3. අඳ,ගොළු, බිහිරි ආදි අභව්‍ය නොවීම
4. උම්මත්තක නොවීම
5. මිසදිටු නොවීම
6. පාපයට ලජ්ජා බිය ඇති වීම
7. අධි කුසලයට සිත නැමීම
8.අපල, උවුදුරු දුරුවී කුසල විපාක මතුවීම
9.විශාරදවීම
10. සිහිය සහ නුවණ ලැබීම
11. මරණයට භය නැතිවීම
12. මුහුණේ වර්ණය පැහැපත් වීම
13. ලෝකයාට පි‍්‍රය මනාප වීම
14. වස, විෂ,අවි,ආයුධ, ගිනි, විපත්වලින් වැළකීම
15. බොහෝ කොට ප්‍රත්‍ය ලැබීම
16. දෙවියන්ගේ දැහැමි රැකවරණය ලැබීම
17. අන් අයගේ කරුණාවට ලක්වීම
18. භූත පිසාච ,පේ‍්‍රත, ආදි විපත් ළං නොවීම
19. තමන් සිතු පැතු දේ ඉෂ්ට වීම
20. බුදු බව පවා පැතීමට සිත නැඹුරු වීම
21. තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
22. සුවසේ සැතපීම
23. සුවසේ අවදි වීම
24. නපුරු සිහින නොපෙනීම
25. වහා සිත සමාධි ගතවීම
26.මරණින් පසු සුගතියකට යෑම
27.සම්මා දිට්ඨියෙහි පිහිටීම
28. ධාරණ ශක්තිය හා ධර්මය අවබෝධ කර ගැනීමේ දක්ෂකම ලැබීම
29.බුදුගුණ වැඩූ යමෙක් යම් උපක්ලේශයක් නිසා බුදු කෙනෙක් මුණ නොගැසීම නම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
30.මේ ජීවිතයේ බුදුගුණ වඩා මගඵල නොලද නම් සුගතියකට යෑම
31 භය තැති ගැනීම ලොමු ඩැහැ ගැනීම සිදු නොවීම
32.සෑම කෙනෙක් තමා වෙත නැමීගත් පැවතුම් ඇතිවීම
33.තම යෝජනා අදහස් අන් අය එක ලෙසම පිළිගැනීම
34.කොඩිවින බන්ධන ඇස්වහ කටවහ ආදි විපත් සිදු නොවීම
5.ප්‍රභූවරුන්ගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
36.නිහතමානි පැවතුම් හා ගති ගුණ දියුණුවීම
37.බුදුගුණ වඩන්නා සත්‍ය වාදියෙක් බවට පත්වීම
38. බුදුගුණ වඩන්නා නිතරම සතුටු සිතින් වාසය කිරීම
39.සියලු පවින් වැළකීම
40.නිවන් දකින තුරු සියලු සම්පත් ලැබීම
41. නිවන් සුව ලැබීම
බුද්ධානුසති භාවනාව – අරහං ගුණය
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සමුබුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඉතිපිසෝ ගාථාව නිතරම ලක්ෂ ගණනින් මෙනෙහි කිරීමට පුරුදුවන්න. මේ ලෝකයට අප එනකොට ලෝභ, දෝෂ, මෝහ මදමාන්න අරගෙන ආවේ නැහැ. කුඩා කාලයේදීම තමයි, තණ්හාව, තරහව,වෛරය හටගන්නේ, ඒවා ඉහළට යන්න, යන්න වැඩි දියුණුවෙලා හිතට මහා බරක් ඇතිවී තිබෙනවා. ඒවායින් නිදහස් වීමට තමයි බණ, භාවනා කටයුතුවල,යෙදෙන්නේ කියා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ, රහතන් වහන්සේලා බොහෝ සැපයි. බොහොම සැපැයි කියලා නිවන වර්ණනා කළා. නිවන සුව දායක තැනක්, ඒ තැනට යන්න අප බලාපොරොත්තු වෙනවා. එහි යනතුරු අප සිතට නිදහසක් නැත. බරගතිය තිබෙනවා. බාධක, කම්කටොළු මැඬගෙන තමයි අපට යන්න සිදුවී තිබෙන්නේ. මෙම භාවනාව අනුලෝම , ප්‍රතිලෝම වශයෙන්, පටිලෝම ,අනුලෝම වශයෙන් ගුණ නමය මෙනෙහි කරන්න කීවා.
අරහං සම්මා සම්බුද්ධෝ ,විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ ,අනුත්තරෝ , පුරිස දම්ම සාරථි , සත්තා දේව මනුස්සානං , බුද්ධෝ භගවා යන නමයයි.
සාධු ! සාධු! සාධු!
සෝ භගවා ඉතිපි අරහං
සෝ භගවා ඉතිපි අරහං
සෝ භගවා ඉතිපි අරහං
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද අරහං නම් වන සේක
1.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකලක්ලේශයන් කෙරෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක.
2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වාසනා සහිත ලෝභ ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින්ද අරහං නම් වන සේක.
3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ද්වේශ ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක.
4.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මෝහ ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක.
5. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මාන ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක.
6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත විචිකිච්ඡා ක්ලේශ වස්තුවෙන් දුරුවී බැවින්ද අරහං වන සේක. (සැකය)
7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ථීන ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක (කම්මැළිකම)
8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත උද්දච්ච ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක (සිතේ විසිරීම)
9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක, (පාපයට ලැජ්ජාව)
10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අනොත්තප්ප ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින්ද අරහං නම් වන සේක (පාපයට භය)
11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වාසනා සහිත සියලු පාපයන්ගෙන් මිදුණු බැවින්ද අරහං නම් වන සේක.
12.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වාසනා සහිත 1500 ක් පමණ කලේශ ධර්මයෝ දුරුකළ බැවින්ද අරහං නම් වන සේක.
13. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
14.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසාන සහිත සෝවාන් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසු හෙයින්ද, අරහං නම් වන සේක.
15.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
16.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් විචිකිච්ඡා ක්ලේශය නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
17. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බුදුගුණ ගැනද, සඳහම් ගුණ ගැනද මහ සඟගුණ ගැනද අතීත සසර ගැනද අනාගත සසර ගැනද වත්මන් සසර ගැනද ශික්ෂාව ගැනද පටිච්ච සමුප්පාදය ගැනද සැක දුරු කළ බැවින් අරහං නම්වන සේක.
18. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන මාර්ගයෙන් සීලබ්බත පරාමාස දුරුකළ හෙයින්ද අරහං නම් වන සේක.
19. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
20. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකෘදාගාමි මාර්ගයෙන් කාම රාගය තුනී කළ බැවින්ද,අරහං නම් වන සේක.
21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමී මාර්ගයෙන් ව්‍යාපාදය (තරහව) තුනීකළ බැවින්ද අරහං නම් වන සේක.
22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අනාගමී මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද,අරහං නම් වන සේක.
23.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ අනාගාමී මාර්ගයෙන් කාම රාගය නැතිකළ බැවින්ද අරහං නම් වෙන සේක.
24. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අනාගාමී මාර්ගයෙන් ව්‍යාපාදය , තරහව,ඊර්ෂ්‍යාව, පළිගැනීම, ක්‍රෝධය නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් රූපරාගය නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
27.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් අරූප රාගය නැසු හෙයින්ද අරහං නම් වන සේක.
28.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් මාන්නය නැසූ හෙයින්ද අරහං නම් වී සේක.
29.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් උද්ධච්චය නැසූ හෙයින්ද අරහං නම් වන සේක (සිතේ විසිරීම)
30. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අවිද්‍යාව නැසූ හෙයින්ද අරහං නම් වන සේක (මෝඩකම)
31. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් කාය දුශ්චරිත නැසු හෙයින්ද අරහං නම් වන සේක.
32.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත්මාර්ගයෙන් වචී දුශ්චරිත නැසූ හෙයින්ද අරහං නම් වන සේක.
33.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් මනෝ දුශ්චරිත නැසු හෙයින්ද අරහං නම් වන සේක.
34.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් කාමයෝගයෙන් භව යෝගයෙන්, දිට්ඨියෝගයෙන් අවිද්‍යා යෝගයෙන් එතෙරවූ බැවින්ද අරහං නම් වන සේක.
35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් කාමාසව, භාවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව, වැනසූ හෙයින්ද අරහං නම් වන සේක.
36.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහත් මාර්ගයෙන් සියලු පාපයන්ගෙන් මිදුනු බැවින් අරහං නම් වන සේක.
37.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අර්හත් මාර්ගයෙන් මේ ආදි අනන්ත ගුණයෙන් සමන්නාගතවූ සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජාකරමි, පූජාවේවා, මුදුගුණ භාවනාමය කුසලය මාර්ගඵල නිවන් සුව පිණිසම හේතු වේවා! වාසනාවේවා!
සෝ භගවා ඉතිපී අරහං
සෝ භගවා ඉතිපී අරහං
සෝ භගවා ඉතිපී අරහං (මෙය දිගටම මෙනෙහි කරන්න)

සාධු! සාධු! සාධු!
බුදුගුණ භාවනාවේ අරහං ගුණය - 02
භාවනාවේ පූර්ව කෘත්‍යය පවසා මෙසේ කියන්න.
1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අවිද්‍යාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සංස්කාරයෝ අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සියලු පාප ධර්මයෝද, සියලු අකුසල ධර්මයෝ ද, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සතර අපා ප්‍රතිසන්ධිය, මනුලොව ප්‍රතිසන්ධිය, දෙව්ලොව ප්‍රතිසන්ධියද, බඹලොව ප්‍රතිසන්ධියද, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් නාමරූප අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් රූප උපාධානස්කන්ධයෙන් වේදනා උපධානස්කන්ධය, සඤ්ඤා උපාධානස්කන්ධය, සංස්කාර උපාධානස්කන්ධය, විඤ්ඤාණ උපාධානස්කන්ධය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සලායතන අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනමේ අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ස්පර්ශය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් චක්ඛුස්පර්ශයද, සෝත ස්පර්ශයද, ඝාණ ස්පර්ශයද, ජිව්හාස්පර්ශයද, කාය ස්පර්ශයද, මනෝ ස්පර්ශයද, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් වේදනාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් චක්ඛුසම්පස්සජා වේදනාව, සෝත සම්පස්සජා, වේදනාව, ඝාණ සම්පස්සජා වේදනාව, ජිව්හා සම්පස්සජා වේදනාව, කාය සම්පස්සජා වේදනාව, මනෝ සම්පස්සජා වේදනාව, සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛ වේදනාව, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ආමිස සුඛ වේදනාවද, ආමිස දුක්ඛ වේදනාවද, ආමිස උපේක්ෂා වේදනාවද, නිරාමිස සුඛ වේදනාවද, නිරාමිස දුක්ඛ වේදනාවද, නිරාමිස උපේක්ෂා වේදනාවද, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් කාම තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් භවතණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් විභව තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් රූපතණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ශබ්ද තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ගන්ධතණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් රසතණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් පොට්ඨම්බ තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ධම්ම තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අජ්ඣත්තික තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් බාහිර තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අභීත තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අනාගත තණ්හාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් 108 වැදෑරුම් තෘෂ්ණාව අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් උපාදානය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් කාම උපාධානය, දිට්ඨි උපාධානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාම භවය, රූප භවය, අරූප භවය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සඤ්ඤාභවය, අසඤ්ඤාභවය, නේවසඤ්ඤා භවය, නාසඤ්ඤා භවය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සතර අපාය, මනුලොව, දෙව්ලොව, බඹලොව, යන සතර වැදෑරුම් භවය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් සංසාර භවය අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
36. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ජාති, ජරා, මරණ, ශෝකය, පරිදේවය, දුක්ඛ්‍ය, දෝමනස්ස, උපායාසය, අරසිඳලූ හෙයින් අරහං නම් වන සේක.
37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් ආමිස, පූජාවන්ටද, ප්‍රතිපත්ති පූජාවන්ටද, සුදුසු වන හෙයින් අරහං නම් වන සේක.
38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් රහසින්වත්, පවක් නැති, අති පරිශුද්ධ සන්තාන ඇති හෙයින් අරහං නම් වන සේක.
අරහං නම් වන සේක අරහං නම් වන සේක.
මෙසේ අරහං ආදි අනන්ත ගුණයෙන් සමන්තාගතවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද! පූජා කරමි. පූජා වේවා.
සෝභගවා ඉතිපී අරහං
සෝ භගවා ඉතිපී අරහං
සෝ භගවා ඉතිපී අරහං
බුද්ධානුස්සති භාවනාව කුසල ධර්මය අමාමහ නිවන් සුව පිණිසම හේතුවේවා, වාසනා වේවා.
සාධු, සාධු, සාධු
සාධු! සාධු! සාධු!

සම්මා සම්බුද්ධ ගුණය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සම්මා සම්බුද්ධෝ, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. මුළු ලෝකය පිළිබඳව අවබෝධ කළා. එය සංඛාර, විකාර ලක්ඛණ නිබ්බාන පඤ්ඤත්ති කියලා කරුණු පහකට කැටි කරලා දුන්නා. අනන්ත ලෝක ධාතු සියල්ලම කැටි කරන පංච විධ නෙයිය මණ්ඩලය සැදුවා. පංච විධ නෙයිය මණ්ඩලය දැන ගත්ත නිසා අවබෝධ කර ගත් නිසා සම්මා සම්බුද්ධෝ නම් වන සේක.
භාවනාවේ පූර්ව කෘත්‍යයෙන් පසු මෙසේ පවසන්න
සාධු! සාධු! සාධු!
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ ද සම්මා සම්බුද්ධ නම් වන සේක.
1. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට වදාළ ශ්‍රී සද්ධර්මය විශිෂ්ට ඤාණයෙන් දැන වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
2. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
3. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ ජාති දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
4. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ ජරා දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
5. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ ව්‍යාධි දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
6. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ මරණ දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
7. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ සෝක දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
8. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
9. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ දුක්ඛ දුක පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
10. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ උපායාස දුක්ඛයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
11. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ උපායාස දුක්ඛ පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
12. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ අප්පි‍්‍රය සමිප යෝග දුක්ඛ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
13. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ පි‍්‍රය විප්ප යෝග දුක්ඛ පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
14. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ පි‍්‍රයවිප්ප යෝග දුක්ඛ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
15. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ පංච උපාදානස්ඛන්ධය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
16. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ රූප උපාදානස්ඛන්ධය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
17. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ රූප 28 පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
18. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ වේදනා උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
19. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ සංඤ්ඤා උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
20. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ සංඛාර උපාදානස්ඛන්ධය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
21. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කළයුතු වූ විඤ්ඤාණ උපාදානස්ඛන්ධය පිරිසිඳ අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
22. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
23. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ කාම තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
24. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ භව තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
25. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ විභව තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
26. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ රූප තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
27. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ ශබ්ද තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
28. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ ගන්ධ තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
29. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ රස තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
30. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ පොට්ඨබ්බ තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
31. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ ධම්ම තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
32. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ අතීත තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
33. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ අනාගත තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
34. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ වර්තමාන තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
35. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ අජ්ඣත්තික ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
36. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ප්‍රහාණය කළයුතු වූ බාහිර තණ්හාව මහා තණ්හාව, 108 වැදෑරුම් තණ්හාව ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ නමස්කාරය වේවා!
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ
සාධු! සාධු! සාධු!
දෙවන කොටස
සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ
භාවනාවේ පූර්ව කෘත්‍යයෙන් පසු මෙසේ සිතන්න
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.
1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉපදීමේ දුක නැති කළ බැවින් “අජාති (ඉපදීමක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
3.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අජර” (ජරාවක් නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “අව්‍යාධි” (ව්‍යාධියක් නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අමත” (මරණයක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අසෝක” (සෝකයක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
7. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අපරිදේව“ (පරිදේවයක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අදෝමස්ස” (තරහ නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අනුයාස” (උපායාස නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “දුද්දස්ස” (සතර මගපල නුවණින් නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
11.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “දුරනුබෝධ” (දුකසේ අවබෝධ) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
12.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අතක්කාවචර” (තර්කයෙන් නොදැන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
13.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “පණ්ඩිත වේදනීය” (මහා පණ්ඩිත) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
14. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අනන්ත” (තණ්හාවන්ගේ කෙලවර) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ “අනාසව“ (ආසාව නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ”තණ්හාක්ඛය” (තෘෂ්ණාව නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
17.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “සච්ච” (සත්‍ය බැවින්) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “පාර” (සංසාරයේ පරතෙර) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “නිපුණ” (නුවනට වැටහෙන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “සුද්ධස” (නිවන දැක ගැනීම) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අගති” (පඤ්චගති නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ධූව“ (ස්ථිරව) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
23.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජා ශ්‍රව යන ආශ්‍රව නැත්තාවූ “අනාසව“ (ආසාව නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
24. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අනිදස්සන” (ඇසට නොපෙනෙන) නම් වූ නිර්වාණ අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මෙසේද “අපලෝකිත” (නොසැලෙන) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, නිප්පඤ්ච” (තන්හාදිනැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “නිප්පංච” (තණ්හා දිට්ඨි මාන නැති) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ශාන්ත” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
29.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “සිසිලස” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
30.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ප්‍රනීත” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “ඛේම” (උවදුරු රහිත) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සිව“ (බය නැති) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
33.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,ඔබවහන්සේ”ලෞකික ධර්මයන්ගෙන් එතෙර වූ ලෝකෝත්තර” නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
34.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ “අච්ඡරිය” (විශ්මජනක) නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අබිභූත” (අපූරු දහමක්) නම්වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
36.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාමයෝග, භවයෝග, දිට්ඨියෝග, අවිජ්ජායෝග, නැත්තාවූ “අයෝග“ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සියලු ආශ්‍රවයන් නැති කිරීමෙන් ලැබෙන්නා වූ “අනාශ්‍රව“ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාම මඟ, දිට්ඨිමඟ,අවිජ්ජා මඟ නැත්තා වූ, අවෝග“ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක.
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සෝ භගවා ඉතිපී සම්මා සම්බුද්ධෝ
සාදු! සාදු! සාදු!
තෙවෙනි කොටස
භාවනා පූර්ව කෘත්‍යයෙන් පසු මෙසේ සිතන්න
සාධු! සාධු! සාධු!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ වන සේක.
1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ සත්‍යයද, සමුදය සත්‍යයද, නිරෝධ සත්‍යයද, මාර්ග සත්‍යයද අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අබ්භූත” (අපූරු දහමක්) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
3. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ‘අනීතික” (නිදුක් ස්වභාවය ඇති) ධම්ම නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
4.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ (දුකක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
5.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අඛ්‍යාපජ්ඣ” (වෛරී නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
6.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ‘සුද්ධි’ (ඉතා පිරිසුදු) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ‘මුක්ති” (දුකින් මිදුණු) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “දීප” (උතුම් දිවයින) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “ලේන” (දුක්ඛ සත්වයාට ආරක්ෂිත) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “සරණ” (බිය නසන) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “තාන” (රැකවරණ ලැබෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අච්චන්ත” (සංසාරයේ කෙළවර) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
13.ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ,’අකත’ (කිසිවෙකු නොකළ) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
14.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ, “අනන්ත” (කෙළවරක් නැති) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “පරායන” (මහාපිහිටක්) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “මොක්ඛ” (දුකින් මිදෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “නිබ්බාණ” (තෘෂ්ණාව ලිහිල්වන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
18. ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “අවිපරිණාම” (නොපෙරෙළෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “විවට්ට” (සංසාර වට්ටයෙන් පැන ගිය) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
20. ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “කේවල” (හුදකලා) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ “අකාලය” (ආලය රහිත) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “පද” (සැම යායුතු බැවින්) නම් වු නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අච්චුත” (විනාශ නොවන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.
24.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ “අක්ඛං” (නිමනොවෙන) නම් වූ නිර්වාණය අවබෝධ කර වදාළ බැවින් සම්මා සම්බුද්ධවන සේක.
.