භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

අටවිසි බුදුරජාණන් වහන්සේලා 2

01.තණ්හංකර බුදුරජාණන් වහන්සේ
සුනන්ද පිය රජු හා මනෝනඤ මව් දේවිය මවු පදවිය ලබා උපන් තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්රියා කොට රුක් අත්තන ගසක මුල බුදුබවට පත්විය.

02.මේධංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා යසෝධරා දේවියට මවුපියන් වු මේධංකර බුදුන් සති 02 ක් දුෂ්කර ක්රියා කොට කෑල නැමති බෝධි මුලයේදී බුදු බවට පත්විය.

03.සරණංකර බුදුරජාණන් වහන්සේ
සුමංගල රජු හා යසවතී දේවිය මවුපියන් වු සරණංකර බුදුරජාණන් වහන්සේ පුලිල බෝධි මුලයේදී මාසයක කාලයක් දුෂ්කර ක්රියා කොට බුදු බවට පත්විය.

04.දීපංකර බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා සුමේධා දේවිය මවුපියන් වු දීපංකර බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට පුලිල බෝධි මුලයේදී බුදු බවට පත්විය.

05.කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
සුනන්ද රජුත්,රම්යාවති දේවියත් මවුපියන් වු කොණඩඤ්ඤ බුදුන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට සල් ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

06.මංගල බුදුරජාණන් වහන්සේ
මංගල බුදුන් වහන්සේ මාස 08 ක් දුෂ්කර ක්රියා කොට නා ගස් සෙවණකදී බුදුබවට පත්විය.උත්තර රජු හා උත්තර දේවිය මවුපියන් විය.

07.සුමන බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සිරිමා බිසව මව්පියන් වු සුමන බුදුරජාණන් වහන්සේ මාස 10 ක් දුෂ්කර ක්රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

08.රේවත බුදුරජාණන් වහන්සේ
විපුල රජු හා විපුල බිසව මව්පියන් වු රේවත බුදුරජාණන් වහන්සේ මාස07ක් දුෂ්කර ක්රියා කොට නා ගසක සෙවණේ බුදු බව ලබා ගත්තේය.

09.සෝභිත බුදුරජාණන් වහන්සේ 
සෝභිත බුදුරජාණන් වහන්සේ සතියක කාලයක් දුෂ්කර ක්රියා කොට නා ගසක මුල බුදු බවට පත්විය.සුධම්ම රජු හා සුධම්ම දේවිය මව්පියන් විය.

10.අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුන් වහන්සේ මාසයක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්විය.

11.පදුම බුදුරජාණන් වහන්සේ
සුදේව රජු හා අනෝමා දේවිය මව්පියන් වු පදුම බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

12.නාරද බුදුරජාණන් වහන්සේ
මුරුත බෝධි මුලයේදී බුදුබවට පත්විය.

13.පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
කිරිපලු ගසක යට බුදුබවට පත්වු පදුමුත්තර බුදුන් වහන්සේ සතියක් දුෂ්කරක්රියා කොට ඇත.සුජාතා දේවිය හා ආනන්ද රජු මව්පියන් වේ.

14.සුමේධ බුදුරජාණන් වහන්සේ
බක්මී ගසක් සෙවණේ බුදු බව ලැබු මාස 08 ක් දුෂ්කරක්රියා කලේ සුමේධ බුදුන් වහන්සේයි.එම හිමියන්ගේ මව්පියන් වුයේ සුමන දේවිය හා සුදත්ත රජතුමාය.

15.සුජාත බුදුරජාණන් වහන්සේ
උද්ගත රජු හා ප්රභාවති දේවිය මවුපියන් වු සුජාත බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කර ක්රියා කොට හුණ ගසක සෙවණේ බුදු බවට පත්විය.

16.පියදස්සී බුදුරජාණන් වහන්සේ
සුදත්ත රජු හා සුවේන්ද්ර බිසව දෙමාපියන් වු පියදස්සී බුදුන් වහන්සේ මාසයක කාලයක් දුෂ්කර ක්රියා කරමින් කුඹුක් සෙවණකදී බුදුබවට පත්විය.

17.අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්රියා කොට අත්ථදස්සී බුදුන් වහන්සේ බුදු බවට පත්විය.දෙමාපියන් සාගර රජු හා සුදර්ශණා දේවිය වේ.

18.ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
සුනන්ද දේවිය හා සරණ රජු මව්පියන් වු ධම්මදස්සි බුදු හිමි ධම්මදස්සි බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට කරවි ගසක් යට බුදු බවට පත්විය.

19.සිදුහත් බුදුරජාණන් වහන්සේ
කිණිහිර බෝධිය කර ගෙන සිදුහත් බුදු හිමි බුදු බව ලැබු අතර මාස 10ක් දුෂ්කර ක්රියා කොට ඇත.පියා උදේනි රජුද, මව සුප්පා බිසව විය.

20.තිස්ස බුදුරජාණන් වහන්සේ
කොහොඹ ගසක මුලයේ බුදුබව ලැබු තිස්ස බුදුරජුන් මාස 08 ක් දුෂ්කර ක්රියා කොට ඇත. එම හිමියන්ගේ මව්පියන් වුයේ පදුමා දේවිය හා ජනසන්ධ රජතුමාය.

21.ඵුස්ස බුදුරජාණන් වහන්සේ
ඵුස්ස බුදුන් වහන්සේ මාස 06 ක් දුෂ්කර ක්රියා කොට නෙල්ලි ගසක සෙවනේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ සිරිමා දේවිය හා ජයසේන රජතුමාය.

22.විපස්සි බුදුරජාණන් වහන්සේ
පලොල් ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්රියා කොට විපස්සි බුදුන් වහන්සේ බුදු බවට පත්විය. මාපියන් වුයේ මදුමති දේවිය හා බන්දුන්තු රජතුමායි.

23.සිඛි බුදුරජාණන් වහන්සේ
අඹ ගසක සෙවණේ මාස 08 ක් දුෂ්කරක්රියා කොට සිඩ් නම් බුදුන්වහන්සේ බුදු බවට පත්විය. එම හිමියන්ගේ මව්පියන් වුයේ ප්රභාවති දේවිය හා අරුණවන්තු රජතුමාය.

24.වෙස්සභු බුදුරජාණන් වහන්සේ
සල් ගසක සෙවනේ බුදු බව ලබා ගත් වෙස්සභු බුදුන් වහන්සේ මාස 06 ක කාලයක් දුෂ්කර ක්රියා කොට ඇත. මාපියන් වුයේ යසවති බිසවත් හා සුප්පාසික රජතුමායි.

25.කකුසඳ බුදුරජාණන් වහන්සේ
කකුසඳ බුදුන් වහන්සේ මාස 10ක් දුෂ්කරක්රියා කොට බක් ගසක සෙවණේ බුද බව ලබාගත්තේය.ඛේම පියරජුත්,විශාකා දේවියත් මව්පියන් විය.

26.කෝණාගම බුදුරජාණන් වහන්සේ
දිඹුල් ගසක සෙවණේ බුදු බව ලැබු කෝණාගම බුදුන් වහන්සේ මාස 06ක් දුෂ්කර ක්රියා කරන ලදි.මව උත්තරා දේවියද, පියා යඤ්ඤදත්ත රජු ද විය.

27.කස්සප බුදුරජාණන් වහන්සේ
ධනවති දේවියත්,බ්රහ්මදත්ත රජු දෙමව්පියන් වු කස්සප බුදුන් වහන්සේ සතියක් දුෂ්කර ක්රියා කොට නුග සෙවණකදි බුදු බවට පත්විය.

28.ගෞතම බුදුරජාණන් වහන්සේ
මහාමායා දේවියත් සුදෝවුන් රජුත් දෙමව්පියන් වු ගෞතම බුදුන් වහන්සේ අවුරුදු 06 ක් දුෂ්කර ක්රියා කොට ඇසතු බෝධි මුලයේ දී බුදුබවට පත්විය.
.