භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

සියළු බදුවරුන් වහන්සේලා...

සියළු බදුවරුන් වහන්සේලාට නොවෙනස්වන කරැණු...

1. වැඩ වසන්නේ එකම ස්ථානයක පිහිටියාවූ බෝධි පර්යංකයක වීම.

2. පළමු ධර්ම දේශනාව දේශනා කරන්නේ ඉසිපතනයෙහි මිගදායේ වීම.

3. දිව්‍ය ලෝකයට වැඩම කොට නැවත මිනිස් ලොවට වැඩම කරන්නේ සංකස්ස නගරයට වීම.

4. ජේතවනාරාමය නම් සුවඳ කුටිය ගන්ධ කුටිය එකම සිථානයක පිහිටා තිබීම.


ලෝකේ ලොකුම බුද්ධ ප්‍රතිමාව (රැපය මත ක්ලික් කරන්න)

සියළු බදුවරුන් වහන්සේලාට අසමානවන කරැණු...

1. වැඩ සිටින ආයුෂ ප්‍රමාණය.

2. ශරීරයේ උස ප්‍රමාණය.

3. උපන් කුලය.

4. පධන් වීර්යය කළ අවුරැදු ගණන.

5. බුද්ධ රශ්මිය.

6. ගිහිගෙය හැර අභිනිෂ්ක්‍රමණය කර යන වාහනය.

7. වැඩ සිටින බෝධි වෘක්ෂය.

8. වැඩ සිටි පර්යංකයේ ප්‍රමාණය.



බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන්

මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය.

1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති

2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති.

3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති.

4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි.

5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි.

6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති.

7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි.

8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි.

10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි.

11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය.

12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. "දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි" යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති.

13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.

14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.

"මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. "

15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි.

16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්‍රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ.

එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. 'බුද්ධ' යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්‍රමාදී වෙත්වා !!

- මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි.



.