භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

බුදුරදුන්ගේ දෛනික ජීවිතය


වසර සතළිස්‌ පහක්‌ පුරාවට බුදුරජාණන් වහන්සේ ලෝවැඩ පිණිස කටයුතු කළ සේක. විශේෂයෙන්ම වර්තමානයෙහි අයෝධ්‍යා යනුවෙන් හැඳින්වෙන උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය සහ උතුරු බෙංගාලයේ වැඩි කලක්‌ සැරිසැරූහ. වස්‌සාන සෘතූන් හැර කිසිම දිනක උන්වහන්සේ එකම තැන දින දෙක තුනකට වඩා වැඩ නොසිටි සේක. එසේම බිම්සර රජු විසින් පූජාකරන ලද වේළුවනාරාමයෙහි සහ අනේපිඬු සිටුතුමා විසින් පූජා කරන ලද කෝසල රාජ්‍යයේ සැවැත්නුවර ෙ-තවන විහාරයෙහිද වැඩි කලක්‌ වැඩ සිටි සේක.

මේ වකවානුව තුළ බුදුරදුන් අනුගමනය කළ දෛනික දිවි පෙවෙත පහත ආකාරයට වන්නේය.

හිරු නැගීමට පෙර අලුයමෙහි අවදිවන උන්වහන්සේ ශරීර කෘත්‍යයන් නිමවා මඳ කලක්‌ භාවනානුයෝගීව වැඩ වෙසෙත්. හිරු උදාවීමෙන් අනතුරුව සඟල සිවුරු දෙවුර වසා පිළිවෙළින් සකසා හැඳ පොරවා, පාත්‍රය ගෙන අසල ගමකට හෝ නුවරකට පිඬු පිණිස වඩිත්. ලද දෙයින් යෑපෙත්. එම අවස්‌ථාවන්හි දී බිමට යොමු වූ නෙතු නිසා සංවර බවක්‌ පෙනිණි. ඇතැම්විට මහසඟන පිරිවරා පිඬු පිණිස හැසිරෙති. ඇතැම් විටෙක නිවසට ආරාධනා කරන දායකයන්ගේ දානය පිළිගත්හ. අනතුරුව ඔවුනට දහමින් සංග්‍රහ කරන්නාහ. යහ ක්‍රියාවන්හි අගයත් අයහ ක්‍රියාවන්හි ආදීනවත් පහදා දෙන්නාහ. අනතුරුව අසුනින් නැගී සිටින බුදුරජාණෝ සුදුසු නවාතැන් පොළකට හෝ රුක්‌ මුලකට හෝ ගොස්‌ විවේක ගත්හ. සවස්‌ යාමයේ සුදුසු අරමකට පිවිසෙන උන්වහන්සේ පා දොaවනය කොට, රැස්‌ව සිටින සඟ සමූහයා අමතා අවවාද අනුශාසනා කරන්නාහ.

දේශනාවසානයේ ඒ ඒ භික්‌ෂුන්ගේ චරිතානුකූලව බවුන් වැඩීමට නිසි කමටහන් ලබා දෙන්නාහ. ඔවුන් ලද ප්‍රගතිය පිළිබඳව විමසන්නාහ. කමටහන් දීමෙන් අනතුරුව නික්‌ම යන භික්‌ෂු පිරිස බවුන් වැඩීමට ගෝචර ස්‌ථාන කරා පියමනින්නාහ. 

පිරිස විසිරගිය පසු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පෞද්ගලික කුටියට වැඩම කරන්නාහ. ඉදින් එය උෂ්ණ කාලයක්‌ නම් උෂ්ණය දුරු කිරීම මනෝමය ක්‍රියාවලියකින් සිසිල උපදවාගෙන මඳ වේලාවක්‌ සැතපී සිටින්නාහ. සරලව සැකසූ සිවුරු නමා එළා ඇති යහනින් නැගිටින උන්වහන්සේ එදිනට ධර්මාවබෝධය ලැබීමට සුදුසුකම් ඇත්තේ කවරෙක්‌දැයි විමසුම් සහගත වන්නාහ. සමහරවිට ඒ පුද්ගලයා නුදුරු ගමෙක වෙසෙන්නකු විය හැකිය. එසේ නැතහොත් කවර හෝ පූජා වස්‌තුවකින් තමා පිදීමට පැමිණෙන්නකු විය හැකිය. එම පූජාවන් පිළිගන්නා උන්වහන්සේ ඔවුනට අවබෝධකර ගැනීමට පහසු කදිම ආකාරයකින් දහම් දෙසන්නාහ. ඔහු පොහොසත් හෝ දුප්පත් වේවා, උගත් හෝ නූගත් වේවා, ඒ සෑම කෙනකුම මේ ශ්‍රේෂ්ඨතමයා තම තමන් අමතා දේශනා කරන්නේ යෑයි වටහා ගන්නේය. දේශනාවසානයෙහි සියල්ලෝ සතුටු හා පහන් සිතින් නික්‌ම යන්නාහ.

මේ ආගන්තුකයන් නික්‌ම ගිය පසු බුදුරජාණන් වහන්සේ අසල ඇති විලකට, පොකුණකට හෝ නදියකට ගොස්‌ පැන් සැනසෙන්නාහ. පැන් සැනහී පෞද්ගලික කුටියට වැඩම කරන උන්වහන්සේ හුදෙකලාව බවුන් වඩන්නාහ.

සවස්‌ යාමය එළැඹීමෙන් අනතුරුව බවුන් වැඩීමට වනගතව හෝ රුක්‌මුල් ගතව සිටින භික්‌ෂුන්ගේ ආගමනය අපේක්‌ෂාවෙන් වැඩ සිටින්නාහ. එහිදී ඔවුනගේ ගැටලු විස¹ දෙමින්, අවබෝධ නොවුණු තැන් අවබෝධ කරවමින් , ප්‍රබෝධවත් කරවමින් වැඩ වාසය කරන්නාහ. මෙම සෑම විටකම ඉතාමත් කාරුණිකව ද ආචාරශීලී සම්පන්නවද දිරිය වීරිය උපදවන අයුරින් ද කටයුතු සිදුවේ. මේ අවුරුදු හතළිස්‌ පහ තුළදී පැමිණි කිසිම භික්‌ෂුවකට අකාරුණිකව, අශිෂ්ටව ආමන්ත්‍රණය කළ බවක්‌ හෝ ක්‍රෝධය උපදවා ගත් බවක්‌ හෝ වාර්තා නොවන බව සිහි කටයුතුය. උන්වහන්සේගෙන් එසේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දී ගත නුහුණු බවක්‌ හෝ නිරුත්තර වූ බවක්‌ හෝ නොපැවසේ. ඔවුනගේ සැබෑ අවශ්‍යතාවලදී උන්වහන්සේ තෘප්තිදායක පිළිතුරුවලින් සංග්‍රහකොට ඇත. ඇතැම් විටෙක උන්වහන්සේ වික්‌ෂිප්ත වන නියායෙන් වාද කිරීමට පැමිණි පුද්ගලයෝද උන්වහන්සේගේ ධර්මයෙහි පැහැදී ධර්මාවබෝධය ලත් සව්වන්ගේ ගණයට පත්වූහ.

මෙලෙස සවස්‌ යාමය හා රාත්‍රියේ ප්‍රථම භාගය අමුත්තන් උදෙසා දොර විවර කර ඇත. බොහෝ වේලා වාඩිවී සිටීමෙන් ලද වෙහෙස නිවාගනු වස්‌ උන්වහන්සේ සක්‌මන් භාවනාවෙහි මද කලක්‌ නිමග්න වන්නාහ. අනතුරුව සුගන්ධිකුටියට වැඩම කරවන උන්වහන්සේ සැතපී විවේකය ලබන්නාහ. මෙසේ වසර හතළිස්‌ පහක්‌ පුරාවට එකම තැනක නොනැවතෙමින් දෙවි මිනිස්‌ වගට උදව් උපකාර පිණිස පා ගමනින් බොහෝ දුර වැඩම කළහ. මෙසේ ආගමික කරුණුවලින් පමණක්‌ නොව සමාජයීය කරුණුද පහදා දෙමින් සතළිස්‌ පස්‌ වසරක්‌ පරාර්ථචර්යාවෙහි යෙදී සිටියහ.

නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්‌ෂුණින් වහන්සේගේ විසින් පරිවර්තනය කරන ලද ශාක්‍යමුණි ආපදානය කෘතියෙන් උපුටාගන්නා ලදී. 
මෙය බ්‍රිතාන්‍ය ජාතික සීලාචාර භික්‌ෂුව විසින් රචිත
 A ශදමබට ඡැදචකැ.s ඛසෙe දෙ ඔයෑ ඊමාdය් 
නවකතාවෙහි සිංහල පරිවර්තනය යි. 
.