භාග්‍යවතුන් වහන්සේ ස්ථානයද අස්ථානය දන්නා සේක, හෙවත් හේතුවද අහේතුවද දන්නා සේක. ඇති වන දේ ඇති වීමටත් ඇති නොවන දේ ඇති නොවීමටත් ඇත්ත ඇති සැටියෙන්ම පවතින හේතුව හෙවත් යථාභූතය දන්නා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දේ සිදුවන හේතුව නිවැරදිවම දන්නා සේක.

කල්ප සියයක් ඇතුළත ලොව පහලවී වදාළ සත්බුදුරජාණන් වහන්සේලා...

කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ
1. විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ද,

2. සිඛී නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
3. වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
4. කකුසඳ නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
5. කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
6. කාෂ්යප නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
7. ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ,
යන සත් බුදුරජානන් වහන්සේලා ඒකාන්තයෙන්ම අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරන සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක. ඒ සත් බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අසම වන සේක. අසමසම වන සේක. අනාථනාථ වන සේක. අග්ර දක්ඛිණ්යෙය වන සේක. මහා කාරුණික වන සේක. තථාගත වන සේක.තුන් ලොකයෙහිම ආලොකය වන සේක. අනන්ත සිල් ඇති සේක. අනන්ත සමාධි ඇති සේක. අනන්ත ප්රඥා ඇති සේක. අනන්ත විමුක්ති ඇති සේක. අනන්ත විමුක්තිඤාණදර්ශන ඇති සේක. මහා කරුනා ඇති සේක. මහා ප්රඥා ඇති සේක.
01. භාග්යවත් වූ අරහත් වූ විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - කල්ප 91 කට පෙර.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 80,000 යි.
උපන්නේ - ක්ෂත්ත්රිය වංශයට අයත් රජ පවුලක, කොණ්ඩඤ්ඤ ගෝත්රයේ.
පියාණන් වූයේ - බන්ධුම රාජධානියේ රජකළ බන්ධුම රජතුමාය.
මෑණියන් වූයේ - බන්ධුමතී රාජදේවියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - පළොල් රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 160,000 ක්, පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 100,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 80,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - ඛණ්ඩ මහරහතන් වහන්සේත්, තිස්ස මහරහතන් වහන්සේත්ය.
අසෝක නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

02. භාග්යවත් වූ අරහත් වූ සිඛී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - කල්ප 31 කට පෙර.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 70,000 යි.
උපන්නේ - ක්ෂත්රිය වංශයට අයත් රජ පවුලක, කොණ්ඩඤ්ඤ ගොත්රයේ.
පියාණන් වූයේ - අරුණවතී රාජධානියේ රජකළ අරුණ රජතුමාය.
මෑණියන් වූයේ - ප්රභාවතී රාජදේවියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - හෙළඹ රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 100,000 ක්, පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 80,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 70,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - අභිභූ මහරහතන් වහන්සේත්, සම්භව මහරහතන් වහන්සේත්ය.
ඛේමංඛර නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

03. භාග්යවත් වූ අරහත් වූ වෙස්සභූ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - කල්ප 31 කට පෙර.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 60,000 යි.
උපන්නේ - ක්ෂත්රිය වංශයට අයත් රජ පවුලක, කොණ්ඩඤ්ඤ ගොත්රයේ.
පියාණන් වූයේ - අනෝම රාජධානියේ රජකළ සුප්පතීත රජතුමාය.
මෑණියන් වූයේ - යසවතී රාජදේවියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - සල් රුක් සෙවනෙදීය.

අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 80,000 ක්, පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 70,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 60,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - සෝණ මහරහතන් වහන්සේත්, උත්තර මහරහතන් වහන්සේත්ය.
උපසන්ත නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

04. භාග්යවත් වූ අරහත් වූ කකුසඳ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - මේ මහා භද්රය කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 40,000 යි.
උපන්නේ - භ්රාහ්මණ වංශයට අයත් කාෂ්යප ගෝත්රහයේ.
පියාණන් වූයේ - ක්ෂේමවතී රාජධානියේ අග්ගිදත්ත පුරෝහිත භ්රාහ්මණතුමා.
මෑණියන් වූයේ - විසාඛා භ්රාහ්මණතුමියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - මහරි රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 40,000 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - විධුර මහරහතන් වහන්සේත්, සංජීව මහරහතන්
වහන්සේත්ය.
බුද්ධිජ නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

05. භාග්යවත් වූ අරහත් වූ කොණාගමන නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - මේ මහා භද්රය කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 30,000 යි.
උපන්නේ - භ්රාහ්මණ වංශයට අයත් කාෂ්යප ගෝත්රයේ.
පියාණන් වූයේ - සෝභවතී රාජධානියේ යඤ්ඤදත්ත පුරෝහිත භ්රාහ්මණතුමා.
මෑණියන් වූයේ - උත්තරා භ්රාහ්මණතුමියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - දිඹුල් රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 30,000 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාරාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - භියෝස මහරහතන් වහන්සේත්, උත්තර මහරහතන්
වහන්සේත්ය.
සොත්ථිජ නමින් අග්රවඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක

06. භාග්යවත් වූ අරහත් වූ කාෂ්යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - මේ මහා භද්ර කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 20,000 යි.
උපන්නේ - භ්රාහ්මණ වංශයට අයත් කාෂ්යප ගෝත්රයේ.
පියාණන් වූයේ - කකී රාජධානියේ භ්රහ්මදත්ත පුරෝහිත භ්රාහ්මණතුමා.
මෑණියන් වූයේ - ධනවතී භ්රාහ්මණතුමියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - නුග රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 20,000 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - තිස්ස මහරහතන් වහන්සේත්, භාරද්වාජ මහරහතන්
වහන්සේත්ය.
සර්වමිත්ර නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

07. භාග්යවත් වූ අරහත් වූ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -
ලොව පහළ වී වදාළේ - මේ මහා භද්ර කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 120 යි.
උපන්නේ - ක්ෂත්රි වංශයට අයත් ගෞතම ගෝත්රයේ.
පියාණන් වූයේ - කපිලවස්තු රාජධානියේ සුද්ධෝදන රජතුමා.
මෑණියන් වූයේ - මහාමායා බිසවුන් වහන්සේයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - ඇසතු රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 1250 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්ය.
ආනන්ද නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

සාදු!! සාදු!! සාදු!!!
ඒ උතුම් සත්බුදුරජානන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා...

සත්බුදුරජානන් වහන්සේලා වන්දනාකරමු .
සත්බුදු වන්දනාව
1
විපස්සිස්ස නමත්ථු - චක්ඛුමන්තස්ස සිරීමතෝ
සිඛිස්සපි නමත්ථු - සබ්බභූතානුකම්පිනෝ

සදහම් ඇස් ඇති - සොඳුරු සිරිය ඇති
විපස්සී බුදුරජාණන් හට - නමස්කාර වේවා
සියළු සතුන් හට - අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට - නමස්කාර වේවා

2
වෙස්සභුස්ස නමත්ථු - නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස - මාරසේනාපමද්දිනෝ

සියළු කෙලෙස් නැති - වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට - නමස්කාර වේවා
දස මර සේනා - ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට - නමස්කාර වේවා

3
කෝණාගමනස්ස නමත්ථු - බ්රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු - විප්පමුත්තස්ස සබ්බධී

කෙලෙස් බැහැර කළ - බඹසර නිම කළ
කෝණාගමන බුදුරජාණන් හට - නමස්කාර වේවා
හැම කෙලෙසුන්ගෙන් - හොඳින් මිදී ගිය
කස්සප බුදුරජාණන් හට - නමස්කාර වේවා

4
අංගීරසස්ස නමත්ථු - සක්යපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමදේසේසී - සබ්බදුක්ඛාපනූදනං

ලොවේ සියලූ දුක් - මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ - යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති - ශාක්ය පුත්ර වූ
අංගීරස වූ අප ගේ ගෞතම බුදු සමිඳුන් හට නමස්කාර වේවා

5
යේ චාපි නිබ්බුතා ලෝකේ - යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා - මහන්තා වීතසාරදා

ඒ බුදුවරු ලොව - නිවනට වැඩි සේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්වය - විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා - පිසුණු බස් නො පවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය - සසර බිය නැති සේක් ම ය

6
හිතං දේවමනුස්සානං - යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණසම්පන්නං - මහන්තං වීතසාරදං
විජ්ජාචරණසම්පන්නං - බුද්ධං වන්දාම ගෝතමං

දෙවි මිනිසුන් හට - හිත සුව සලසන
ගෞතම නම් වූ - විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ - හැම බියෙන් නිදහස් වූ
බුදු රජාණන් වහන්සේට - දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහු ය
ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදු රජාණන් වහන්සේට - අප ගේ නමස්කාරය වේවා

සාදු ! සාදු ! සාදු !..
.